මන්නාරම් සමුහ මිනී වළෙන් හමුවු සිරුරු ගණන 276 දක්වා ඉහළ යයි

මන්නාරම් සමුහ මිනී වළෙන් හමුවු සිරුරු ගණන 276 දක්වා ඉහළ යයි

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ හමුවූ සමූහ මිනී වළ තුළ සිදුකළ කැණීම්වලදී කුඩා ළමුන් 21 දෙනෙකු ඇතුළු මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් හමුවූ බව අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම සමූහ මිනී වළ දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ විශාලතම සමූහ මිනී වළ බවත් සඳහන් වේ.

අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූයේ 116 වැනි දිනට සිදුකළ කැණීම්වල වත්මන් තත්ත්වය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමිනි.

Facebook
Twitter
LinkedIn