ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මර්සියෙල් තෝමස් නැමැති ඉන්දිය ජාතිකයා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කර තිබේ.
පැමිණීලි පාර්ශ්වය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අද අධිකරණයේ පෙනී නොසිටී අතර, ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් මහේස්ත‍්‍රාත්වරයා එම දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කර ඇත.
Views: 0










