බි‍්‍රතාන්‍ය ආර්ථිකය පසුකරමින් බ‍්‍රසීලය ලොව 06වෙනි ලොව විශාලතම ආර්ථිකය බවට පත්වී ඇතැයි වාර්තාවේ.
මේ බව ප‍්‍රකාශවන්නේ ආර්ථික හා ව්‍යාපාරික පර්යේෂණ මධ්‍යස්ථානයේ (CEBR) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේය. ආහාර හා බලශක්ති නිශ්පාදනය කරන රටවල් ආර්ථික හිනිපෙතෙහි ඉහලටම නගිමින් සිටින බව එම වාර්ථාව පවසයි. බ‍්‍රසීල ආර්ථිකය පසුගිය වසරේ 7.5%ක වේගයකින් වර්ධනය විය.
එම වාර්තාව සඳහන් කරන නවතම ආර්ථික දත්ත හා පුරෝකථනයන් මෙසේය. රුසියාව 2011 වසරේදී එක් ස්ථානයක් ඉදිරියට එමින් නව වෙනි ස්ථානයට පතිවිය. එය 2020දී ලොව 04වෙනි ස්ථානයට පැමිනෙනු ඇත. ඉන්දියාව 2011දී 10 වෙනි ස්ථානයේ සිටි අතර එය 2020 දී ලොව 05වෙනි තැනට පැමිනෙනු ඇත.
බි‍්‍රතාන්‍ය මෙන්ම යුරෝපා සංගමයේ සෙසු රටවල් ද ශ්‍රේනිගත කිරීමේ පහලට යාමේ ප‍්‍රවනතාවක් ඇත. දැනට 04වෙනි ස්ථානයේ ඇති ජර්මනිය 2020 දී 07 වෙනි තැනට ඇද වැටෙන අතර එක්සත් රාජධානිය 07 සිට 08 දකිවාද ප‍්‍රංශය 05වෙනි ස්ථානයේ සිට නවවෙනි ස්ථානය දක්වාද ඇදවැටෙනු ඇත.









