ශ්රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්රතිඵල සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යංශය විමර්ශන වාර්තාවක් සකස් කර රාජ්ය සේවා කොමිසමට යවා ඇතැයි වාර්තාවේ.
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් සීමිත ප්රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මෙම ලිඛිත පරීක්ෂණය පැවැත්විණි. ලිඛිත පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුගිය ජූලි මස 6 වැනිදා රාජ්ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්යාංශ වෙබ් අඩවියේ පළ කළේය.
කෙසේ වෙතත් පසුව මෙම ප්රථිපල ලේඛණය අවලංගුකර එම ප්රථිපල සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදි. පසුගියදා මෙි පිලිබදව රාජ්ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ජවිපෙ නායක විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර දිසානායක මහතාද පාර්ලිමේින්තුවේදී ප්රශ්ණ කරන ලදි.









