ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගීවන සෑම කණ්ඩායමකටම වෙනස් ආකාරයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් හෙට දකුණු අප්‍රිකාව සමඟ ආරම්භවන දෙවැනි තරඟයේදි කණ්ඩායමක් ලෙස එම වෙනස් ප්‍රතිඵලය ලබාගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකාවේදි මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ජයග්‍රහණය මෙන්ම පරාජය ද අවස්ථා කිහිපයකදීම හිමි වීමෙන් එය පුරුද්දක් බවට පත්විය හැකි බව ඔහු එහිදී අවධාරණය කළේය.
සංගක්කාර වැඩිදුරටත් පැවසුවේ දෙවැනි ටෙස්ට් තරඟය පැවැත්වෙන ඩර්බන් ක්‍රීඩාංගණයේ මීට පෙර පැවති ටෙස්ට් තරඟ තුනෙන්ම දකුණු අප්‍රිකාව පරාජය වීම තම කණ්ඩායම මානසික වශයෙන් විශාල ශක්තියක් බවය.
නමුත්, තරඟ ජය ගැනීම සඳහා කණ්ඩායම උපරිම උත්සාහගත යුතු බව සංගක්කාර උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Views: 0









