තීන්තවල අඩංගු උපරිම ඊයම් ප්‍රමාණය අනිවාර්ය කෙරේ

 

ලබන ජනවාරි සිට බල පැවැත්වෙන පරිදි තීන්තවල තිබිය යුතු මුළු ඊයම් ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ වලට අනුව තිබීම අනිවාර්ය කර තිබේ. පාරිභෝගික අධිකාරිය මෙම නියමයන් පනවා ඇත.

ඒ අනුව ළමුන්ගේ සෙල්ලම් බඩුවල ආලේප කර තිබෙන තීන්තවල කිලෝග්‍රෑමයකට ඊයම් මිලිග්‍රෑම් 90 උපරිම සීමාවය. ඉනැමල් තීන්ත කිලෝග්‍රෑමයක ඊයම් මිලිග්‍රෑම් 600ක්, බිම් ආලේප කි‍රීමේ තීන්ත කිලෝග්‍රෑමයක ඊයම් මිළිග්‍රෑම් 600ක් සහ බාහිර ආලේප සදහා වූ ඉමල්ෂන් තීන්තවල ඊයම් මිලිග්‍රෑම් 90ක්ද වශයෙන් නිර්දේශකර තිබේ.

මෙම උපරිම ඊයම් සීමාව මෙරට නිෂ්පාදිත සහ ආනයනික යන තීන්ත සියල්ලටම එකසේ අදාලය.

තීන්තවල සහ ළමුන්ගේ සෙල්ලම් බඩුවල අඩංගු විය යුතු උපරිම ඊයම් ප්‍රමාණය පිළිබදව ලංකාව තුළ මේ දක්වා ප්‍රමිතියක් නිසි පරිදි භාවිතා නොවුවද 2009 වසරේදී චීනයේ නිෂ්පාදනය කර යුරෝපීය රටවලට සහ බටහිර රටවලට අපනයනය කරන සෙල්ලම් බඩුවල අඩංගු ඊයම් පිළිබදව දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ අනුව යුරෝපීය සහ බටහිර රටවලදී ළමුන්ගේ සෙල්ලම් බඩුවලට දැඩි වෙළද තහංචි පනවන ලදී.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්