මහින්දගේ මන්ත්‍රී ඥාතියා පහරදී අයෙකුට බරපතලයි – එජාප ගෝලයන් පහරදී රෝහල් සේවයන්ටත් තුවාලයි

මහින්දගේ මන්ත්‍රී ඥාතියා පහරදී අයෙකුට බරපතලයි – එජාප ගෝලයන් පහරදී රෝහල් සේවයන්ටත් තුවාලයි

දඹුල්ල මහා නගර සභාවට තේරී පත්වී සිටින එකසත් ජාතික පක්ෂයේ  නාගරික මන්ත්රිවරියකගේ සැමියෙකු හා මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු අතර පසුගිය 28 වනදා රාත්‍රී 11.00ට පමණ දඹුල්ල නගරයේ ඇතිවූ බහින්බස් වීමකින් පසු තියුණු  ආයුධයකින් පහරදීමෙන් ඒක අයෙකු  බර පතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර  මහා රෝහල වෙත මරුකර යවා තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිනී සුමුදු කම්ලි ෂෙරින් මහත්මියගේ සැමියා වන රෝහණ අබේසිංහ නැමැත්තාය.

මෙම තුවාලකරු රෝහල් ගත කිරිමේදී රාත්‍රී සේවා මුරයේ යෙදීසිටි කනිෂ්ඨ සේවකයින් දෙදෙනකුට රාත්‍රී සේවා මුරයේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියගේ කාමරය තුලදී නගරීක මන්ත්‍රීවරියගේ  ආධාරකරුවන් දෙදෙනකු විසින් පහරදීමෙන් රෝහල් කනිෂ්ඨ සේවකයින් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. ප්‍රියන්ත රත්නසුරිය හා රුවන් සෙනවිරත්න යන කනිෂ්ඨ සේවකයින් දෙදෙනා මෙසේ රෝහල් ගතව ඇත.

මුල් පහරදීමේ සිද්ධියට සම්බන්ධ පලතුරු ව්‍යාපාරිකයෙකු වන සැකකරු තියුණු ආයුධය සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මහින්ද පිලේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත ඥානරත්න බණ්ඩා මහතාගේ සොහොයුරෙකි.

එකසත් ජාතික පක්ෂයෙන් දඹුල්ල ආසනය සදහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් 29 වෙනි දින මාතලේදී රාජ්‍ය අමත්‍ය වසන්ත  අලුවිහාරේ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබී ඇත. ඒ සදහා දඹුල්ල  නගරයේ සැරසිලි කරමින් සිටියදී ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි සැකකාර පුදගලයාගේ  පලතුරු වෙළදසල ආසන්නයේදී ව්‍යාපාරිකයා හා තුවාලකරු  අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

රෝහල් සේවකයින් දෙදෙනාට පහරදුන් බවට සැකපිට දඹුල්ල හින්මොරගොල්ල හා කුරුණෑගල පාරේ පදිංචි තරුණයින් දෙදෙනකු පසුගිය 29වනදා පෙරවරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Facebook
Twitter
LinkedIn