මව, දියණිය සහ යෙහෙළියන් දෙදෙනාත් ගිං ගඟේ ගිලී ජීවිතක්ෂයට

මව, දියණිය සහ යෙහෙළියන් දෙදෙනාත් ගිං ගඟේ ගිලී ජීවිතක්ෂයට

හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය 39 හැවරිදි මවක්, එම මවගේ දියණියක් සහ ඇයගේ යෙහෙළියන් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගිය අනෙක් දෙදෙනා එම දියණියගේ යෙහෙළියන් දෙදෙනකු බව මේ වනවිට අනාවරණය වී ඇත.

දැරියන් තිදෙනාම 14 වැනි වියේ පසුවූවෝ වෙති.

හිනිදුම නගරය ආසන්න නුගගල හන්දියේ පිහිටි නිවසට පැමිණි මෙම යෙහෙළියන් දෙදෙනා සමග අම්මාත් දුවත් ගිං ගඟේ දිය නෑමට ගොස් මේ අනතුර සිදුව ඇත.

හිනිදුම පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn