ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වූ සමයේ මහ බැංකුවේ අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29) යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින් මීට පෙරද වරෙන්තු නිකුත් කර තිබූ නමුතු මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දී ඇත.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා දෙකකදීම සිතාසි නිකුත් කර තිබූ අතර ඊට අවනත නොවීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.
එම වරෙන්තුව අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ සිංගප්පූරු නිවසට අදාළ වරෙන්තුව ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එම නිවසේ ඔහු පදිංචි නැති බව අනාවරණය වී තිබේ.










