පසුගියදා දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ප්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි අර්බුද සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය 21 වනදා ‘වෙනසක ඇරඹුම’ සංවිධානය විසින් ආරම්භ කළ කතිකාවත වැඩසටහනේ තවත් අධියරක් ඊයේ (29) මහනුවර දිගන නගරයේදී පවත්වන ලදී.
මෙම කතිකාව සඳහා ජාතික භික්ෂු පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ජනතා විමුක්ති පෙරමුණ, මානවවාදී කලාකරුවෝ, අලුත් පරපුර, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු යන සංවිධානද සහභාගී වූහ.
එහි දේශකයින් ලෙස මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල හිමි සහ ජ.වි.පෙ. නායක අනුර දිසානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එම්.එන්. අමීන් මහතා හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා, අචාර්ය සාමිනාදන් විමල් මහතා, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසි මහතා වූහ.
සුනිල් පෙරේරා, මිත්‍ර කපුගේ, සමනලී ෆොන්සේකා, සුලක්ෂන් අශෝකන්, මාධව සුදන්ත ඇතුළු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ජාතික සමගි ගීත ප්රසංගයක්ද මෙහිදී පැවැත්විණි.
ඇරඹුම සංවිධානය විසින් අප්‍රේල් 03වෙනි දින මාතරදීත් අප්‍රේල් 08 වෙනි දින අම්පාරහිදීත් මෙම ‘අපි මිනිස්සු’ ජාතික සමගි කතිකාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


























