එංගලන්ත වැඩ කරන ජනතාවගෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සිය මූලික ජීවන අවශ්‍යතා පිරිමසා ගැනීමට සරිලන වැටුපක් නොලබන බව නවතම වාර්තාවකින් හෙලිවේ.
KPMG ආයතනය මගින් සිදුකල සමික්ෂණයකට අනුව හෝටල් ක්ෂේත්රයේ රැකියාවන්හි නියුතු පිරිසෙන් 90% ක් තම මූලික ජීවන අවශ්‍යතා පිරිමසාගැනිමට සරිලන වැටුපක් නොලබන බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම තත්වය පිළිබද අදහස් පල කරන KPMG ආයතනයේ ප්‍රධානියෙකු වන මාරියන් ෆෝලන් පවසන්නේ සමස්ත එංගලන්තයම මේ මොහොතේ ඉතාමත් අමාරු අවස්ථාවකට මුහුණපා ඇති අතර අඩු වැටුප් ලබන ශ්‍රමිකයන් මේ මොහොතේ වඩාත් අසරණ වී ඇති බවයි.
තම දරුවන්ට ශීත කබායක් මිලදීගැනිමේ හැකියාවත් ඔවුන්ට අහිමි කරලා. ඔවුන්ට සාධාරණ වැටුපක් දීම මගින් සේව්යයන්හට අත්වන ප්රතිළාභ ඉතාමත් ඉහළයි. මාරියන් ෆෝලන් වැඩිදුරටත් පවසයි.
යුරෝපය පුරා 2009 වසරේ සිට පැතිර යන ආර්ථික අවපාතය හේතුවෙන් විරැකියාව ඉහළ ගොස් ඇති අතර ගී‍්‍රසිය, ස්පාඥ්ඥය වැනි රටවල් වල සුභසාධන කප්පාදුවට සහ විරැකියාවට එරෙහි විරෝධතා ව්‍යාපාරයන් වීදි සටන් දක්වා පරිවර්තනය වෙමින් පවතින බව වාර්තා වේ.









