එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට?

එක්සත් ජාතික පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එකතුවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

පසුගිය 18 දින කොළඹ හයිඩ් පිටියේ පැවැති රැලියට සහභාගිවීම හේතුවෙන් මේ වනවිට පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙලෙස ආණ්ඩුවට එකතුවීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා මීට පෙර එජාපයේ සිට ආණ්ඩුවට එකතුවී දැනට අමාත්‍ය ධූරයක් දරන ප්‍රබලයෙක් මේ සඳහා මැදිහත් වී කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn