නාවික හමුදාවේ විශ්‍රාමික සහතිකය යොදාගෙන ගංජා ඇද්ද පුද්ගලයෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
නාවික හමුදාවේ සේවය කර ඇති අදාළ සැකකරු තම විශ්‍රාමික සහතිකය යොදාගෙන සිය බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල ප්‍රදේශයේ සිට මාතලේ දක්වා ගංජා කිලෝ පහක් රැගෙන එද්දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මොහු මීට පෙරද මේ ආකාරයට පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.


Views: 0









