අකුණු වැදීමෙන් 44ක් මිය යයි

මේ වසරේ ගත වු මාස 11කට ආසන්න කාලය තුළ අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබේ.

අකුණු සැර වැදීම හේතුවෙන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ අප්‍රේල් මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 20කි.

මෙම මාසය (ඔක්තෝබර්) තුළ පමණක් පුද්ගලයින් නව දෙනෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අකුණු සැර වැදීම හේතුවෙන් තුවාල ලැබු විශාල පිරිසක්ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියෙකු පැවසීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නිරන්තරයෙන් අකුණු ගැසීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Facebook
Twitter
LinkedIn