අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගියදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී තමන් වගකීම දරන අමාත්‍යාංශයට සිදුව ඇති තත්වය පිළිබඳව අඳෝනාවක් නගා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අමාත්‍යාංශයට ගෙවිය යුතු ණය පිළිබඳව සිහිපත් කරමින් මෙම අදෝනාව නඟා ඇත.
ඇමතිවරයා එහිදී පවසා ඇත්තේ ” ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ,ක්‍රිකට් බෝඩ් එක ,මිලියන ගානක් සංස්ථාවට ණයයි. ඉතිං ඒ ගොල්ලො විස්සයි විස්ස අරහෙ ගහනවා, මං දන්නේ නෑ හෙට අනිද්දා ආයි තිහයි තිහ ගහයි, හැටයි හැට ගහයි, හතලිහයි පණහ ගහයි. මොනවා ගැහුවත් ඉංජිනේරු සංස්ථාවට තිබ්බ ණය ඒ ගොල්ලො ගෙවන්නේ නැහැ. ඉංජිනේරු සංස්ථාව හොයාගෙන තමයි සමහර විට බඩු ගත්ත ආයතනවල මිනිස්සු එන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිතුමාලට කිසි කරදරයක් නැහැ. ඒ ගොල්ලො හොඳට දැන් පිටරට ක්‍රිකට් කණ්ඩායම් ගෙනෙන්න, තරග තිය තිය, අත්පොලොසන් නගලා, කොහන් හරි අඩු ගාණට හම්බ වෙච්ච ගෑණු ළමයි ටිකක් ගෙනැල්ලා නටවලා, ඒ ගොල්ලො හොඳට විනෝදෙන් ” යනුවෙනි.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව දේශපාලන විචාරකයින්ද අදහස් දක්වා ඇත.
ඔවුන් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් අයිති ආණ්ඩුවටය. ඉංජිනේරු සංස්ථාවත් ආණ්ඩුවේය. එනම් මෙම ආයතන දෙකම මේ රටේ මහජනතාවගේය. එනිසා වගකීම දරන ඇමතිවරයා ලෙස වීරවංශ මහතා කළයුතු වන්නේ මාධ්‍ය ඉදිරිපිට සිටගෙන පිටකසා ගැනීම නොවේ. මහජනතාවට අයිති එම මුදල් අයකර ගැනීම සඳහා කටයුතු කිරීමය.









