උතුරුමැද පළාත් හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු මෙන්ම මධ්‍ය නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සරත් වීරසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අනුරාධපුර පෙරියන්කුලම අශෝකාරාම විදුහල ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩ දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පුරාවිද්‍යා විශේෂ වැඩබිම් කළමනාකාරිනී ප්‍රියංකා අමරසිංහ මහත්මියගෙන් ලැබුණු පැමිණිල්ලක් මත උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයක් අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් ඔහු මධ්‍ය නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන අතර අනුරාධපුර සන්ධාන පළාත් පාලන මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපතිවරයාද වේ. බර්ටි ප්‍රේමලාල් මහතාට උතුරුමැද මහ ඇමතිකම නොදෙන්නේනම් තමන් සහ තම සංසදයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බවට මාධ්‍ය හමුවක් කැඳවූවේද මොහු විසිනි.









