පාර්ලිමේන්තු මන්ත්රීවරු සියළුම දෙනා එක් වී අධිකරණයට ගල් ගසමු යැයි ආණ්ඩු පක්ෂ මන්ත්රී ජේ ශ්රී රංගා මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පෙරේදා (25) සභාවේ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි. එහිදී ඒ මහතා දැක්වූ අදහස් පහත පළවේ.
“පාර්ලිමේන්තු ඡන්ද කලේ යාපනේදී කප්පම් ඉල්ලා පුද්ගයෙක් ඝාතනය කළා. ඊට පස්සේ ඒ ප්රදේශයේ විනිසුරුවරයා මාරුකළා. මේ වගේ සිද්ධි උතුරු, නැගෙනහිර ප්රදේශවල නිතර සිදුවෙනවා. මේ අධිකරණ ක්ෂේත්රයේ ප්රශ්න කොහොමද ආරම්භ වූනේ? ඇත්තටම මන්නාරමේ අධිකරණයට ගල් ගැහුව සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතාකලොත් ඒක වැරැද්දක්. එහෙමනම් ඔබ බලාපොරොත්තු වන්නේ සෑම අධිකරණයකටම ගල් ගහන එකද? එහෙම නම් සෑම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ම කියන්න අපි ඔක්කොම ගල් ගහමු. මේ රටේ නීතියක් තියෙනවා.
පුත්තලමේ රාජ්ය නොවන සංවිධාන නියෝජිතයෙකු වූ පී. රාග්සික් මහතාගේ ඝාතනය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළ යතු බවද මන්ත්රීවරයා මෙහිදී පැවසූවා. රවුෆ් හකීම් ඇමතිතුමා නැගිටලා මං අහන ප්රශ්නෙට පිළිතුරු දෙනවනම් හරි මං කියන දේ බොරුවක් කියල කියනවනම් මං මගේ කතාව නවත්වන්න ලෑස්තියි. ප්රසිද්ධ රාජ්ය නොවන සංවිධානයක් පුත්තලමේ වැඩ කරගෙන ගියා. එහි සේවය කළ පී. රාසික් කියන පුද්ගලයා පැහැරගෙන ගිහින් ඝාතනය කළා. මාස අටක් ගතවෙලත් මේ කුමන්ත්රණයට සැකකරන පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් ඒ කුමන්ත්රණය කළ පුද්ගලයින් පිළිබඳව රවූෆ් හකීම් මහතාටත් දැනුම් දීල තියෙන්නේ. අද ඔහු අධිකරණ ඇමතිවරයා. මාස 08ක් ගතවෙලත් සැකකරුවන් අත්අඩංගුවට ගත්තද කියල පුළුවන්නම් ප්රකාශයක් කරන්න කියලා මම ඇමතිවරයාට කියනවා.”









