ජපානයේ න්‍යෂ්ඨික බලාගාර අර්බුදය උග‍්‍රඅතට

ජපානයේ සාගා පළාතේ පිහිටි ගෙන්කායි න්‍යෂ්ඨික බලාගාරයෙන් විකිරිණශීලී ජල කාන්දුවක් සිදුව තිබේ.

ජපාන න්‍යෂ්ඨික සහ කර්මාන්ත ආරක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කළේ මෙම බලාගාරයේ ටොන් 1.8 ක විකිරණ ශීලී ජල කාන්දුවක් සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මෙය තුළින් පරිසරයට හානියක් සිදු නොවන බව බලධාරීන් තහවුරු කළේය.

නමුත් මේ සිදුවීම වාර්තා වුණේ, භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වූ ෆුකුෂිමා බලාගාරයෙන් විකිරණ ශීලී ජලය පරිසරයට මුක්ත වී මාස කීපයකට පසුවය.

මේ හේතුවෙන් ජපානයේ න්‍යෂ්ඨික බලාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු පවතින පව ඒජන්සි වාර්තා සඳහන් කළේය.

තවමත් ජපානයට තම න්‍යෂ්ඨික අර්බුද විඳාගත නොහැකිතත්වයකට පත්ව ඇතිබවත් මෙම අර්බුදය විසදාගැනීමට තවත් කල්ගතවුවහෝත් ජපානය ඉතා සීග‍්‍රයේන් කඩාවැටෙනු ඇති බවත් මෙරට ආර්ථික විශ්ලේෂකයන් පවසති.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්