කොළඹ නාගරික කොමසාරිස්ගේ තවත් ටෙන්ඩර් මගඩියක්

කොළඹ නාගරික කොමසාරිස්ගේ තවත් ටෙන්ඩර් මගඩියක්

නාගරික බල ප්‍රදේශයට අයත් ආයතනවලට නිළධාරීන් පත් කිරීම, උපකරණ මිලදී ගැනීම වැනි කටයුතු සිදු කිරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීම විනිවිධභාවයෙන් යුතු නගර සභාවක ප්‍රධාන ලක්ෂණයකි. නමුත් මෑත ඉතිහාසයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වෙන දූෂිත නිලධාරීන් මෙම ක්‍රමවේදයන් උල්ලංඝණය කරමින් මහජන මුදල් වංචා කිරීම පිළිබඳ නිතර වාර්ථා විය.

රටේ ප්‍රධාන වාණිජ නගර සීමාවේ පිහිටි කොළඹ නගර සභාවේ සිදුවූවා යැයි පැවසෙන ටෙන්ඩර් අක්‍රමිකතා පිළිබඳ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත යෙමු කර ඇති පැමිණිල්ලක විමර්ශනයේ අංක ACC/FC/2016/562 දරන ලිපිගොනුවේ සඳහන්වන ආකාරයට,

2015 අග භාගයේ, බත්තරමුල්ල වැඩිහිටි නිවාස සහ ළමා නිවාසයේ උපස්ථායක තනතුර සඳහා සිදුවූ ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඒ සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ මුල් නිර්දේෂ අත්තනෝමතිකව වෙනස් කරමින් කොළඹ නාගරික සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා නගර සභාවට රුපියල් 8,00,000කට අධික මුදලක් අහිමිකර ඇති බවට චෝදනා එල්ල වෙයි.

තවද පාර තලන සම්පිණිඩන යන්ත්‍ර මිලදී ගැනීමකදී අදාළ ටෙන්ඩරය තාක්ෂණික කමිටු නිර්දේෂවල යෝජිත මුල් ටෙන්ඩර්කරුවන් සාධාරණ කරුණු දැක්වීමකින් තොරව ඉවත්කොට වැඩි මිල ටෙන්ඩරයක් සඳහා ලබා දී ඇති බවටද සඳහන් වේ.

නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා, ඉන්ජිනේරු ඩී.ජේ.සීතආර්. පෙරේරා මහතා සහ ඇගයීම් කමිටු නිලධාරීන් වන එච්. එම්. දේශානන්ද මහතා, ටී. ගංගා මහත්මිය, කේ.එස්.සී.එස්. කුමාර මහතා, සී. අබේසූරිය මහතා, ආර්.පී. මදුරප්පෙරුම මිය, එච්.ඩී.සී. ජානකි මහත්මිය යන අය වගඋත්තරකරුවන් ලෙස සඳහන් ඉහත පැමිණිල්ලේ චෝදනා පිළිබඳ කරුණු සළකා බලමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, රජයේ මුදල් වංචා කිරීම හෝ තැත් කිරීම යටතේ වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත යොමු කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්