ඇමති වාසුගෙන් ආණ්ඩුවට අභියෝගයක්

පළාත් සභාවලට බලතල ලබාදී ස්වයං පාලනයක් දෙනවාද නැද්ද කියලා ආණ්ඩුව එක ස්ථාවරයකට පැමිණිය යුතු බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ, මාධ්‍ය වෙත ලබාදී ඇති විශේෂ සාකච්ඡාවකදී ය.

සමහරු පළාත් සභා අහෝසි කළ යුතු යැයි ද, පළාත් සභා සඳහා වැඩි බලතල ලබා නොදිය යුතු යැයි ද පැවසුවත් තමන්ගේ මතය වී ඇත්තේ බහුතර කැමැත්ත ලබා ජාතික ගැටලූව ගැන තීන්දුවක් ගත යුතු බව යැයි ද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ආණ්ඩුව ජනමත විචාරණයකට බයයි.  ආණ්ඩුව හිතන්නේ එහෙම මුණොත් මහා විශාල අවුලකට යයි  කියලා. මා කියන්නේ එහෙම වෙන්නෙ නැහැ කියලා යනුවෙන්ද පවසා ඇත.

Facebook
Twitter
LinkedIn