පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පසුගිය දිනවල පවසා තිබුනි.
මේ අතර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා යළිත් වරක් ඉල්ලීමක් කරයි. ඒ මහතා මීට පෙර කළ ඉල්ලීමට අනුව පසුගිය 24 දින පැමිණ සිටියේ ආචාර්යවරු 15ක් පමණි.
ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, අදාළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සියලු සැලසුම් සකස් කර ඇති අතර සඳුදා දිනය වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකඟතාව පළ කළහොත් දින 10 ක් ඇතුළත ඇගයීම් කටයුතු ආරම්භ කළ හැකි බවත්ය.
ආශ්රිත පුවත්
400කගේ වැඩ 15න් කරන එස්.බී.
Views: 0









