400කගේ වැඩ 15න් කරන එස්.බී.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට පසුගිය අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇත.

නමුත් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා මාධ්‍යට පවසා තිබුනේ ලබන සතියේ සිට එම උත්තර පත්‍ර ඇගයිමේ කටයුතු ආරම්භ කරන බවයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 24 වනදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ව අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා තිබුණි. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 400ක් පැමිණිය යුතු වුවද පැමිණ සිටියේ ආචාර්යවරුන් 15 දෙනෙකි. ඇමතිවරයා ඊයේ (26) පවසා ඇත්තේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ආචාර්යවරුන් 60ක් සිටින බවයි.

එම සාකචඡාවෙන් පසුවත් ඊට පසුවත් උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බවයි.

නමුත් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් 400ක්වත් සිටිය යුතු බවත්ය.

ආශ්‍රිත පුවත්

උසස් පෙළ ඇගයීම් අදියරක් හැලේ

Facebook
Twitter
LinkedIn