ඉරාන වැසියන් එළිසබත් රැජිනගේ ඡායාරූපද විනාශ කර දමයි

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කඩා වැදුණු බ්‍රිතාන්‍ය සමග කුපිතවූ ඉරාන ජන කණ්‌ඩායමක්‌ වීදුරු බිඳ දමා බ්‍රිතාන්‍ය කොඩිය ඉරාදමමින් එළිසබත් රැජිනගේ ඡායාරූපයද විනාශ කර දමා ඇත. මෙම තානාපති කාර්යාලයේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගැනීමට උත්සාහ කළ අන්තවාදීන් එහි තිබූ රහස්‌ ලියෑවිලිද පැහැරගෙන ඇතැයි වාර්තා වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය වගකිවයුතු බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පැවැසීය. මෙම ප්‍රහාරය ගැන සිය කනගාටුව පළකරන බව ඉරාන රජය කියා සිටී. මෙම අන්තවාදීන්ට බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ව පැහැර ගැනීමට නොහැකිවී ඇත්තේ පොලිසිය විසින් ඊට ඉඩ නොතැබීම නිසා යෑයි ද වාර්තා වේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තම තානාපති නිළධාරි වරයා නැවත බ්‍රිතාන්‍ය වෙත කැදවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්