ජවිපෙන් විනය කමිටුවක්

ජවිපෙ අද (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්  එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි.

කෙසේ වෙතත් අද (29) පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

වැඩිදුරටත් ඔහු පැවසුවේ ඔවුන් එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවයි. මේ අතර අජිත් කුමාර මන්ත්‍රීවරයා අද සවස 3.00ට රැස්වීමක් ඇමතීමට නියමිතව තිබූ අතර මධ්‍යම කමිටු රැස්වීම ආරම්භ කිරීමට නියමිත වූයේ අද සවස 3.00 ටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්