චීනය ටෙලි නාට්‍ය මැද දැන්වීම් නවත්වයි

 

ටෙලි නාට්‍ය අතරතුර දැන්වීම් විකාශනය කිරීම නතර කිරීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම තීරණය ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එය ප්‍රකාශයට පත් කරන ගුවන්විදුලි, චිත්‍රපට හා රූපවාහිනී පාලනය පිළිබද චීන දෙපාර්තමේන්තුව කියා සිටින්නේ, ඔක්තෝම්බර් මාසයේ පැවති කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නා ලද තීරණ අනුව සංස්කෘතිය පිළිබද නව ආකල්ප ගොඩනැගීමේ පියවරක් ලෙස මෙම නි‍යෝග පැනවූ බවය.

 

“ගුවන්විදුලිය සහ රූපවාහිනිය පක්ෂයේ සහ ජනතාවගේ කටහඩකි. එය සංස්කෘතික චින්තනයේ වැදගත් ප්‍රචාරක පෙරමුණකි.” එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.

චීනයේ රූපවාහිනී වෙළද දැන්වීම් කර්මාන්තය පසුගිය වසරේ ඩොලර් බිලියන 78 ක වටිනාකම් උපයා තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්