දේශීය කිරි ගොවියා දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් ඒ සඳහා කඩිනම් විසඳුම් ඉල්ලා කොතෙකුත් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බැවින් හෙට (25) දඹුල්ලේදී කිරි ගොවීන්ගේ උද්ඝෝෂණයක් පවත්වන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
දේශිය එලකිරි විනාශ කිරිම නිසා කිරි ගොවින්ට මුහුන දිමට සිදුව අති ගැටලුවලට සතියක් තුළ විසදුමක් දිමට ආන්ඩුව අසමත් වන්නෙනම් ගොම පිරවු ලොරි හා ටැක්ටර් සමග කොළඹට පැමිණෙන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්රධාන ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
Views: 0











