ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු අවුරුදු 02කට කලින් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු අවුරුදු 02කට කලින් ඉල්ලා අස්වෙයි

2019 වසරේ එංගලන්තයේ පැවැත්විමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තෙක් ගිවිසුම්ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

56 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා පසුගිය ජනවාරි මාසයේදී වැඩ භාරගත් අතර ඔහු මීට පෙර 2012 සිට 2014 දක්වා වසර දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

ඔහු තරුණ ක්‍රීඩකයන්ට පවසා ඇත්තේ තමන් ගැන විශ්වාස කරන ලෙසත් කණ්ඩායම පිළිබඳ විශ්වාස කරන ලෙසත් තම හදින්ම ක්‍රීඩා කරන ලෙසත් ය.

එසේම දක්ෂ තරුණ ක්‍රීඩකයන් සමග පසුගිය මාස 15ක කාලයක් කටයුතු කිරිමට ලැබීම සතුටක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සුභ පතන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn