නාවික හමුදා අත්අඩංගුවේ දී කොටහේන ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ සිසුන් 11 දෙනකු අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණය සදහා නාවික හමුදාවේ සුළු නිලධාරියකු ප්‍රශ්න කිරීම සදහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
අදපෙරවරු 10.00 පමණ මොහු ප්‍රශ්න කිරීම සදහා කැඳවා තිබු අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 7.00 වනවිටත් අවසන් වී නොතිබිණි.
මෙලෙස කැඳවා තිබුණේ තංගල්ල රුහුණු නාවික හමුදා කඳවුරේ සේවය කරන සුළු නිලධාරියකු බවද වාර්තා වේ.
2009 සහ ඊට ආසන්න කාලයේ නාවික හමුදා බාරයේ සිටියදී කොටහේන ප්‍රදේශයේ පදිංචි සිසුන් 11 දෙනකු අතුරුදන් කරඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් වරයකු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවූහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.










