මහ බැංකුව දින 19කට රුපියල් මිලියන 209,810ක් ඉල්ලයි

මහ බැංකුව දින 19කට රුපියල් මිලියන 209,810ක් ඉල්ලයි

ජුනි මාසයේ ගත වූ දින 19 තුළදී රුපියල් මිලියන දෙලක්ෂ නවදහස් අටසිය දහයක් (රු.මි. 209,810) වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්ක වෙන්දේසි කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 515ක් (රු.මි. 79,310) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20) සිට ලබන 27 දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

මීට අමතරව ජුනි පළමුවැනිදා රුපියල් මිලියන 29,000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07වැනිදා රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්, ජුනි 09වනදා රුපියල් මිලියන 26,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16වනදා රුපියල් මිලියන 30,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn