රජයේ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහි පරීක්ෂණ ලිපි ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
එම නඩුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දි ඇත.
ඒ අනුව අදාළ නඩු විභාගය ඔක්තෝබර් මස 23 වනදා යළි කැඳවීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
එදිනට අදාළ පරික්ෂණ වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇති අතර නීතිපතිවරයා වෙත සිහි කැඳවීමේ නියෝගයක් ද නිකුත් කර ඇත.
ඊට අමතරව අදාළ නඩුවේ දෙවන වගඋත්තරකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සභාපති සමන්ත ලොකුහැන්නදිගේ මහතාට අගෝස්තු 03 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ විදෙස් ගතවීමටද අධිකරණයේ අවසර ලබා දී තිබේ.
මේ අතර විමල් වීරවංස මහතාටද ලබන 19 වනදා සිට 23 වනදා දක්වා කාලය තුල විදේශ ගතවීමට අධිකරණය අද අවසර ලබා දී ඇත.










