වෛද්‍ය සිසුන්ගේ සහායට දෙමව්පියෝ සත්‍යග්‍රහයක් අරඹති

වෛද්‍ය සිසුන්ගේ සහායට දෙමව්පියෝ සත්‍යග්‍රහයක් අරඹති

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පල කරමින් එම සිසුන්ගේ දෙමව්පියන් විසින් අද (19) දින සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර් තාවේ.

සයිටම් ආයතනය වසා දමන ලෙස ආණ්ඩුවට බලකමින් වෛද්‍ය සිසුන් විසින් මාස ගණනක සිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමට නිසා මෙසේ එම සිසුන්ගේ සහායට තමන්ද එක්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංමයේ ලේකම් නීතීඥ ගාමිණී ඒකනායක මහතා සඳහන් කරයි.

2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වූහ.

එම සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගය ආරම්භ කර මේ වනවිට දින 550කට ආසන්න වෙමින් තිබෙන අතර ආණ්ඩුව මෙතෙක් ඊට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

ආණ්ඩුව සයිටම් අර්බුදය විසඳීමට කටයුතු නොකරන්නේනම් අඛණ්ඩ සත්‍යග්‍රහයක් දක්වා අවතීර්ණය වන බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංමය ආණ්ඩුවට අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn