ත්‍රස්තවාදය පෝෂණය කිරීම යන චෝදනාව යටතේ අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් සියලුම සබඳතා අතහැර තිබෙන කටාරයට ඇමෙරිකාව අති නවීන එෆ්-15 වර්ගයේ ප්‍රහාරක යානා 36ක් ඇතුළු ඩොලර් බිලියන ගණනක අවි ආයුධ තොගයක් අලෙවි කර තිබේ.
කටාරය ත්රස්තවාදයට පහසුකම් සපයන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චෝදනා කරමින් මෙලෙස අවි අයුධ අලෙවි කිරීම ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් වීමක් බව මාධ්‍ය හෙළිදරව් කර ඇත.
මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා එෆ්-15 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුළු ඩොලර් බිලියන 100ක පමණ අවි ආයුධ සෞදි අරාබිය වෙතද අලෙවි කර ඇති අතර ගල්ෆ් කලාපය තුළ ත්‍රස්තවාදී බියක් හා රාජ්‍යයන් අතර අභ්‍යන්තර ගැටුම් උත්සන්න කරමින් ඇමෙරිකාව අවි ආයුධ අලෙවි කරමින් සිටින මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.
කටාරයට එරෙහිව අනෙකුත් රටවල් පොළඹවමින් හා සබඳතා අතහැරීමට අනුබල දෙන ඇමෙරිකාව පසුගියදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්ද පවත්වා ඇති අතර ගල්ෆ් කලාපය තුළ පිහිටා ඇති විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුර පිහිටා ඇත්තේද කාටාර් රාජ්‍යයේ වීම ඇමෙරිකානු දෙබිඩි රංගනය තවදුරටත් තහවුරු වන බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.










