බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග

බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග

2015 සහ 2016 අතර වසරක කාලයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතීයක වෙළෙඳ පොළේ සිදු වු ගනුදෙනු සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට ඉන් රජයට හා ව්‍යවස්ථාපිත ආයතනවලට සිදුවු අලාභය ගණනය කොට දැනුම් දෙන ලෙස බැඳුම්කර කොමිසම රජයේ විගණකාධිපතිවරයාට අද (13) නියෝග කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් බැඳුම්කර කොමිසම රජයේ විගණකාධිපතිවරයාට එසේ නියම කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සාක්කි දෙමින් සිටියදී කොමිසම ඇමතූ මිලින්ද ගුණතිලක මහතා 2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතරතුර කාලයේදී බැඳුම්කර සම්බන්ධයෙන් ද්වීතීයක වෙළෙඳ පෙළේ තොරතුරු අනුසාරයෙන් රජයට සහ ව්‍යවස්ථාපිත ආයතනයක සිදුව ඇති අලාභය විගණනය කරන්නැයි විගණකාධිපතිවරයාට නියම කරන්නැයි ඉල්ලා තිබේ.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානකද සිල්වා මහතා කොමිසම අමතමින් මෙම සිද්ධියට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති හෙයින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි ප්‍රකාහ කර ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම කොමිසමේ බලපත‍්‍රය අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නැතැයි ප්‍රකාශකර තිබේ.

එම තත්ත්වය අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන්නේ යැයි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා කොමිසමේ බලපත‍්‍රය අනුව මෙවැනි කරුණු සොයා බැලීමට හැකියාව ඇතැයි දැනුම් දී තිබේ.

ඒ අනුව කොමිසමට ලැබී ඇති බලතල අනුව කොමිසම අදාළ නියෝගය නිකුත් කරන බව ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn