මාව අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමිගෙන් පෙත්සමක්

මාව අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමිගෙන් පෙත්සමක්

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම කොට්ඨාස විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සිය පෙත්සමින් ඉල්ලා සිටී.

පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බව පෙත්සමේ සඳහන් වන බව පැවසේ.

එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කටයුතු කරන බවත් පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn