රුසියානු විපක්ෂ නායකයා නිවාස අඩස්සියට!

රුසියානු විපක්ෂ නායකයා නිවාස අඩස්සියට!

රුසියාවේ පූටින් පාලනයට එරෙහිව විරෝධතා සංවිධානය කළ එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිවාස අඩස්සියට පත්කර ඇති බව වාර්තා වේ.

පූටින් පාලනය වංචා දූෂණ සිදුකරන බවත් ඊට එරෙහිව රටපුරා විරෝධතාවයන් පවත්වන ලෙසටත් ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇති අතර මොස්කව් නුවරදී විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානම් කර තිබියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී පූටින් පාලනයට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් විරෝධතා සංවිධානය කරනු ලැබූ අතර පූටින් පාලනය වංචා දූෂණයන් සිදු කරන බවට බරපතළ චෝදනාවක් ඔවුන් එල්ල කරනු ලබයි.

Facebook
Twitter
LinkedIn