තහනම් ආපන්න භාවිතා කරමින් මසුන් මැරීමට විරෝධය දක්වමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර සංවිධානවල නිලධාරීන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය සමග එක්ව පසුගිය කාලයේ දිගින් දිගටම උද්ඝෝෂණ, පෙත්සම් අත්සන් කිරීම්, දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීම ඇතුළු විරෝධතා ක්‍රියාමාර්ග ගණනාවක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයට හා නැගෙනහිර ජනතා හඬ සංවිධානයටත් දිස්ත්‍රික්කයේ ධීවර සංවිධානවලටත් අද (12) පෙරවරු 11.00ට සාකච්ඡාවක් ලබා දී ඇත.
දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතාගේ සහ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති, ත්‍රීකුණාමලය භාර නියෝජ්‍ය පොලිස්පති, ත්‍රීකුණාමලය නගරය, කඩවත්සතර, කච්චවේලි, කින්නියා හා මුතූර් ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රීකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ධීවර හා ත්‍රීකුණාමලය ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා සහ නැගෙනහිර ජනතා හඬ සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී වී තිබේ.
එහිදී විශේෂයෙන් සුළු පන්න ධීවරයන් තහනම් දැල් ආම්පන්න නිසා මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර සුළුපන්න ධීවරයින් වැඩිම පිරිසක් සිටන්නේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ක්‍රියාවන්ද වැඩි වී ඇති බවත් එහිදී විශේෂ අවධානයකට යොමු වී ඇත.
එ් අනුව මෙම ධීවරයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට ආරක්ෂක අංශ ඇතුළු රජයේ සංවිධාන සියල්ල ධීවර සංවිධාන ඉදිරියේ පොරොන්දු වී ඇති අතර මෙම ගැටළු සඳහා ස්ථීරසාර විසඳුමක් ලබාදීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමටත් එකඟතාවය පලකර තිබේ.
එම වැඩපිළිවෙල සමග ඉදිරියේදී නැවත හමුවීමටත් මෙම පිරිස එකඟතාවයකට පැමිණ සාකච්ඡාව අවසන් වී ඇත.



















