අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කර තිබූ චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා අද (12) එම නඩුව කැඳවා තිබූ නමුත් ඥානසාර හිමියන් ඊට සහභාගී වී නැත.
ඥානසාර හිමියන් නඩු වාර කිහිපයකදීම අධිකරණයට පැමිණ නැති හෙයින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරයා කර ඇති ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ නමුත් අදාළ චෝදනා පත්‍රය ජුලි මස 18,19 සහ 20 දිනවල විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර ඇත.
මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට බාධා වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් එවකට හෝමාගම මහේස්ත්රාත්වරයාව ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.










