ගැටළු විසඳීමට ආණ්ඩුවට දවක් 05ක් දෙනවා – ගොවීහු අරගලයකට සැරසෙති

ගැටළු විසඳීමට ආණ්ඩුවට දවක් 05ක් දෙනවා – ගොවීහු අරගලයකට සැරසෙති

ගොවිජනතාවට බලපෑ ප්‍රධාන ප්‍රශ්නවලට කඩිනමින් ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු තමන් මතුකරණ මූලික ප්‍රශ්නවලට ඉදිරි දින පහට පෙර විසඳම් නොලදහොත් රට පුරා දැවැන්ත අරගලයක් අරඹන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද (10) පෙරවරුවේ දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලේකම් ටී.බී. සරත් මහතා ප්‍රමුඛ ගොවි නායකයන්ගේ සහභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්විණි.

මේ මාධ්‍ය හමුවට බඩ ඉරිඟු ගස්, ගොයම් ගස් මෙන්ම රට හාල් හා වසර දෙකක් කල් තබාගත හැකි බවට සඳහන් කර ඇති රට හාල් ගෙන්වා තිබූ හිස් උරද රැගෙනවිත් තිබීම විශේෂත්වයකි.

පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය තුළ සිදුව ඇති අනෙකුත් විනාශයන් ගැන රජයේ අවධානය යොමු කළද එම ආපදාවය හේතුවෙන් සිදුව ඇති වගා විනාශයන් ගැන අමතක කර ඇති බවත් වහාම එම වගා විනාශයන්වලට වන්දි ලබාදිය යුතු බවත් නාමල් කරුණාරත්න මහතා පවසයි.

එමෙන්ම දැනට රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැල ගොයමට දින 45 පවා ගතවී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවත් කන්ක දෙකකදී මෙලෙස පොහොර සහනාධාර මුදල් ලැබී නැති බැවින් නියමිත මුදල මෙන් මෙවර පොහොර සහනාධාර දෙගුණයකින් වැඩි කර ලබා දිය යතු බවත් එහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේ ය. දින 5ක් කාලයක් තුළ එම මුදල් ගොවීන්ට නොගෙව්වොත් අම්පාර නගරයෙන් විරෝධතා ආරම්භ කරන බවත් ඒ මහතා ආණ්ඩුවට අනතුරු අඟවා සිටියේ ය.

ප්ලාස්ටික් සහල් ලෙස පාරිභෝගිකයන් අතර පැතිරයන ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බවත් එය ස්වාභාවික සහලක් බවත් සඳහන් කර සිටි නාමල් කරුණාරත්න මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් සඳහන් කර සටියේ ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මෙම සහල් කල් තබාගැනීමට වස මුසු කර ඇති බව ය.

සාමාන්‍යයෙන් සහල් ඇටයක කල් ඉකුත්වීම මාස තුනක් බවත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මෙම සහල් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට හැකි බවට එම ඇසුරුම්වල මුද්‍රණය කර ඇති බවත් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට වස මුසු කර ඇති බව ඉන් තහවුරු වන බවත් එහිදී නාමල් කරුණාරත්න මහතා සඳහන් කර සිටියේ ය.

වී වගාව අඩුකර කෘෂිකර්ම ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි වගාකළ බඩඉරිඟු සඳහා මිලක් නැති බැවින් අද වනවිට ගොවින් බඩඉරිඟු කරල් ගස් පිටින් කිලෝව රුපියල් අටකට අලවි කරන බවත් රජය මෙම ප්‍රශ්නවලට වහා විසදුම් ලබා දියයුතු බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

Image may contain: one or more people, plant and outdoorImage may contain: one or more people and people sittingImage may contain: one or more people and people sittingImage may contain: one or more people and people sittingImage may contain: one or more people and people sitting

Facebook
Twitter
LinkedIn