ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසරේදී අනුමත ක්‍රියාපටිපාටියෙන් තොරව 98 දෙනෙක් බඳවාගෙන ඇති බව වාර්තා වේ.
බඳවා ගැනීමේ කොන්දේසි නොසලා දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම් කර ඇති බව කෝප් කමිටුවේදි අනාවරණ වූයේ යැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද ප්‍රකාශ කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළුව ආයතන 15ක් පිළිබඳව පවත්වන ලද නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
4










