චීනය ලෝකය තුළ සිය යුද ආධිපත්‍ය තහවුරු කර ගැනීම වෙනුවෙන් සිදු කරන මැදිහත් වීම් ඉහළ යමින් තිබෙන බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ.
විදෙස් රටවල තම යුද මධ්‍යස්ථාන ඉදිකිරීමට චීනය ප්‍රමුඛතාවය දෙමින් තිබෙන අතර තම දිගු කාලීන මිතුරු රටවල් ඉලක්ක කර ගනිමින් චීනයේ මෙම සැලසුම් ක්‍රියාත්මක වන බවත් එහි ආසන්නම උදාහරණය පකිස්තානය තුළ චීන හමුදා කඳවුරක් ඉදිකිරීම බවත් පවසා ඇත.
පසුගිය වසරේදී චීනය ලෝකයේ විශාලතම මහජන හමුදාව වෙනුවෙන් ඩොලර් බිලියන 180ක් වියදම් කළ බවට වාර්තා වී ඇති නමුත් සත‍්‍ය ප්‍රමාණය ඊට වැඩි විය හැකි බවයි. චීනයේ අභිලාෂය ව ඇත්තේ ලෝකය පුරා පැතිර ඇති ඇමෙරිකානු යුද ආධිපත්‍ය ඉක්මවීමට බව පෙන්ටගනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
7










