පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් ජී.ඩබ්ලිව්.එස්. සුනිල් වීරසිංහ මහතා විසින් ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අහුංගල්ල, දර්ගා නගරය යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් වයස අවුරුදු 34 හා 27 යන වයස්වල පසුවන්නන් බව පැවසේ.
ඉකුත් මැයි මස 09 වන දිනයේදී කුඩු ජාවාරම්කරුවන් විසින් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේදී ටී.56 ගිනි අවියකින් වෙඩිතබා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු ඝාතනය කළ අතර වත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බරපත තුවාල සිදුව තිබේ.
එමෙන්ම මෙම වෙඩිතැබීමෙන් අසළ වයාපාරික ස්ථානයක සිටි දැරියන් දෙදෙනෙකුට සහ දරුවෙකුට වෙඩි වැදී තිබූ අතර ඉන් එක් දැරියක් ජීවිතක්ෂයට පත් වීය. එක් දැරියක් සුවය ලබා රෝහලෙන් පිටව ගය අතර තවත් දරුවෙකුට බරපතල තුවලා සිදු විය.










