තමාගේ නිවෙසේද මදුරු කීට බෝවන ස්ථානයක් සෞඛ්‍ය පරීක්‍ෂකවරු කළ පරීක්‍ෂණවලදී හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්. ඩබ්. ජයසුන්දර පැවසුවා. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (06) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මදුරු කීට බෝවන ප්‍රදේශ හඳුනා ගැනීමේදී මහජනතාව ඒ පිළිබඳ සවිඥානික නොවුණහොත් එවැනි පරිශ්‍ර සිය ඇසින් මිදී යනු ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවා.
මේ නිසාම මහජනතාව ඩෙංගු උවදුරින් මුදා ගැනීම සඳහා මදුරු මර්දන තුන් මාසයක් ක්‍රියාත්මක කරන බවත් එම තුන් මාසයේදී ප්‍රකාශයට පත් කෙරෙන තෝරාගත් දිනවලදී රටේ සියලු ජනතාව එකම වේලාවකදී මදුරු මර්දනය සඳහා සක්‍රියව දායක විය යුතු බවද හෙතෙම පැවසුවා.
courtesy – nethnews.lk
3










