ඉතාලියේ ටියුරින් නගරයේ පාපන්දු තරගයක් නරඹමින් සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් අතර බෝම්බ ප්‍රහාර බියක් සමග ඇති වු තෙරපීමෙන් පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පුළුල් තිරයකින් බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පාපන්දු තරගාවලියක අවසාන මහා තරගයක් මෙලෙස ප්‍රේක්ෂකයින් නරඹමින් සිටින අවස්ථාවකදී ගිනිකෙළි පුපුරවා ඇති අතර එය බෝම්බ ප්‍රහාරයක් යැයි බියවී ප්‍රේක්ෂකයින් කලබලයට පත්ව තිබේ. මෙම තෙරපීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතළ බව පැවසෙන අතර අවුරුදු හතක දරුවකු කෝමා තත්වයෙන් පසුවන බව පැවසේ.
යුරෝපය පුරා මේ වනවිට ත්‍රස්තවාදී බියක් පැතිරෙමින් පවතින අතර මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් පාලම මතින් පදිකයින් යටකරමින් වෑන් රථයක් ගමන් කරවා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව මෙය සිදුව තිබේ.
6












