තවත් සහල් ම්‍රෙිට්‍රික් ටොන් ලක්ෂ 03ක් පිටරටින් ගෙන්වයි

තවත් සහල් ම්‍රෙිට්‍රික් ටොන් ලක්ෂ 03ක් පිටරටින් ගෙන්වයි

තවත් සහල් ම්‍රෙිට්‍රික් ටෝන් ලක්ෂ 03ක් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සතොස මගින්ද ඉතිරි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක පෞද්ගලික අංශය මගින්ද ආනයනය කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී වාර්තා වේ.

ජීවින වියදම් කමිටුවේ නිර්දේශය මත ඇමති මන්ඩලය මෙම අනුමැතිය ලබා දී ඇතැයි පැවසේ.

පසුගිය කාලයේ පැවති දැඩි නියඟය හේතුවෙන් වී අස්වනු අඩුවීම නිසා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාහැකි බැවින් ඊට පිළියමක් ලෙස මෙම සහල් තොගය ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ රට තුළ සහල් හිගයක් ඇති වීමට කිසිසේත් ඉඩක් නැති බවත් එය මහා පරීමාණ වී මොල් හිමියන් විසින් කෘතිමව ඇති කර තිබෙන තත්වයක් බවත් ය.

විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව 2016 වනවිට රට තුළ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 16ක් තිබෙන බවත් 2017 අප්‍රේල් වනවිට තවත් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක් නිකුත් වන බවත් ඒ අනුව 2018 වසරේ ජනවාරි පෙබරවාරි දක්වා රට සහලින් ස්වයංපෝෂිතව පවතින බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn