ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා රටින් පිටුවහල් කළ යුතුයැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කර තිබේ.
බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඌව පළාතේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ආ ව්‍යාපෘති රැසකට සමන්ත විද්‍යාරත්න මහතා විරුද්ධ වී ඇති බවයි.
එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරන්නේ ප්‍රධාන ඇමතිවරයා කළ වංචා දූෂණ හෙළි කිරීම නිසා එයට උරණ වී මෙසේ තමන්ට විරුද්ධව පවසන බවය.
තමන් සංවර්ධන ව්‍යාපෘතිවලට නොව වංචා දූෂණවලට පමණක් තමන් විරුද්ධ වූ බවත් ජනතාව වර්තමාන තත්වයෙන් ඉහළට ගැනීම වෙනුවට ජනතාවට උන් හිටි තැන් පවා අහිමිකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තමන් කිසි සේත් ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහිදී සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කළහොත් චාමර සම්පත් ප්‍රධාන අමාත්‍යවරයාට හිරගෙදර කූරු ගණන් කිරීමට සිදුවනු ඇති බවය.










