පොලිසියේ ලොකු පුටු 12ක් සෙලවෙයි

පොලිසියේ ලොකු පුටු 12ක් සෙලවෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තාවේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස්පතිගේ නිර්දේශ මත මෙම ස්ථාන මාරු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ සහ අපරාධ බුද්ධි දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස්පතිතුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අපරාධ සහ රථවාහන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Facebook
Twitter
LinkedIn