ආපදාවෙන් ජීවිත හානි 180ක් දක්වා ඉහළට – 110ක් අතුරුදහන්

ආපදාවෙන් ජීවිත හානි 180ක් දක්වා ඉහළට – 110ක් අතුරුදහන්

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 153,303ට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මින් වැඩිම මරණ ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 77කි. එහි රතුරුදහන් වූ සංඛ්‍යාව 26කි. කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම අතුරුදන්වීම් සඛ්‍යාවක් වාර්තා වන අතර එය 69කි. එහි මරණ සඛ්‍යාංව 54කි.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් හතලිස් තුන්දහස් තුන්සිය අනූ හතක (43,397) පුද්ගලයින් එක්ලක්ෂ හැටදෙදහස් අසූ තුනක් (162,083) අවතැන් වී සිටිති.

මේ අතර විනාශයට පත් විදුලි මීටර් පුවරු හා නිවෙස් නැවත වරක් වයරින් කර පරීක්ෂා කර ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වන බවත් මෙතෙක් බිල්පත් ගෙවා දමා නොමැති විපතට පත් නිවෙස් සඳහා අදාළ හිඟ බිල්පත් ගෙවා දැමීම සඳහා මාස 06ක සහන කාලයක් ලබා දෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාශය සඳහන් කරයි.

එමෙන්ම මෙසේ විපතට පත්ව ඇති ජනතාව වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් සළසා දීමටද කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn