පාට කූරු වලින් හෙළිවෙන කාශ්මීර භීෂණය!

ලෝකයේ සුන්දරම භූමියක් ලෙස සැලකෙන කාශ්මීරයේ ළමුන් මුහුණ දී සිටින බියකරු සමාජ වටපිටාව පිළිබඳව හෙළදරව් කරන සංවේදී චිත්‍ර පෙළක් වෙත මාධ්‍ය අවධානය යොමුව තිබේ.

පාට පැන්සල් හා පැන්සල් උපයෝගී කර ගනිමින්, වෙඩි උණ්ඩය විසින් පැහැරගෙන ඇති තම ළමා ජීවිතය පිළිබඳව සංවේදී ඇඟවීම් සහිතව කාශ්මිර ළමුන් සිය ආත්ම කථනය චිත්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම චිත්‍ර තුළින් කාශ්මීරයේ වෙසෙන ළමුන් වර්තමානයේ මුහුණ දෙන වේදනාකාරී ත්‍රාසජනක ජීවිතයත් අනාගතය පිළිබඳව ඇති බියකරු අවිනිශ්චිත භාවයත් කදිමට ප්‍රකාශ කර තිබේ.

අතීතයේ කාශ්මීරය ඉතාම සාමකාමී තණ පිට්ටනි, දිය දහරාවන්, පළතුරු වතු, සුන්දර කඳුවැටි වලින් ගැවසීගත් පියකරු භූමියක්ව පැවැති අතර ඉන්දියානු මැදිහත්වීමත් සමග නිරන්තරයෙන්ම යුද ගැටුම්වලින් පිරි භූමියක් බවට පත්ව තිබේ. මෑතකදී කාශ්මීර වැසියන් සිදුකළ විරෝධතාවයන් ඉන්දීය ආරක්ෂක අංශ මර්දනය කළ අතර එහිදී පුද්ගලයින් 9000ක වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 1.200කට වැඩි පිරිසක් අවු. 15කට අඩු ළමුන් බව පැවසේ.

මේ වනවිට කාශ්මීරයේ පාසල් මාස ගණනාවක සිට වසා දමා ඇති අතර ළමා ජීවිත නිවෙස් තුළට කොටුව ඇති ළමුන් මුහුණ දෙන තත්වයන් මෙම චිත්‍ර තුළින් ප්‍රතිනිර්මාණය කර තිබේ. කෙළවරක් නොමැතිව කාශ්මීරය තුළ සිදුවන ගැටුම් හේතුවෙන් මේ වනවිට දස දහස් සංඛ්‍යාත ළමා ජීවිත අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn