නාමල්ගේ හයියගත්තේ නාමල්ගේම ගෝලයෙක්

නාමල් රාජපක්ෂ නමින් ගුවන් මුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදුන් අම්පාර නාගරික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලඟම මිතුරෙකු බව වාර්තාවේ.

නාගරික මන්ත්‍රී ඉන්දික නලීන් ජයවික්‍රම මහතා නාමාල් රාජපක්ෂ නමින් ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී තවත් ගුවන් හමුදා සෙබලෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරවා ගැනීමට උත්සාහ දරා ඇත. එම චෝදනාවට පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු පසුව අධිකරණයේදී ඇපමත මුදා හැර තිබිණ.

ඒ මොහොතේ නාමල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු නායකයින් මනිවත රකිමින් සිටි අතර මේ වන විට එම නාගරික මන්ත්‍රීවරයා අම්පාර එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගනය අසල දැවැන්ත කටවුට් එකක් දමා ඇත. එහි සඳහන්ව ඇත්තේ ” තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති සහ ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මැතිඳන්ගේ සංකල්පයකට අනුව, ඉන්දික නලීන් ජයවික්‍රම මැතිඳුන්ගේ සංවිධායකත්වයෙන්” සංගීත රාත්‍රියක් පවත්වන බවයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ තම පක්ෂය දූෂිතයන් ආරක්ෂා නොකරණ බවයි. ඔවුන්ට දඬුවම් කරන බවත් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරණ බවත් පැවසීය.

ආශ්‍රිත පුවත්

සන්ධාන, නගරසභා සභාපතිට වරෙන්තු

හොර නාමල්ට ඇප

Facebook
Twitter
LinkedIn