එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අම්පාර නගරසභාවේ සභාපති නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තාවේ.
ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස තම දේශපාලන හිතවත්කම්ද භාවිතා කරමින් ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමට බලපෑම් කිරීමේ චෝදනාවට මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (17) අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි අදාල නියොගය නිකුත්කර ඇත.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරු වන ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ ඊයේ (17) අධිකරණයට ඉදිරිපත්කළ අතර ඔහු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
Views: 0









